ඉන්දු – ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත යලි ඉන්දියාවට ලබා ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය තමාට දිගින් දිගටම බලපෑම් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනා එල්ල කර තිබෙන මෝදි අතීතයේ සිටම මේ දූපත දෙරටේම ධීවරයන් භාවිතා කළ බවද කියා ඇත.

ඉන්දීය රජයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

මෙවැනි තීරණගත් කොංග්‍රස් පක්ෂය ඉන්දීය භූමිය කැබලි කිරීමට ක්‍රියාකර ඇතැයි ද මෝදි චෝදනා එල්ල ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *