බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස යළිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පත්කර තිබේ.

ඒ අනුව ඔහු මේ වන මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේදී, නවසීලන්තයට එරෙහි සහ ලෝක කුසලාන තරගාවලින් හිදී කණ්ඩායම මෙහෙ වනු ඇත.

හිටපු නායක ටමීම් ඉක්බාල් ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වූ අතර, නායකත්වයෙන්ද ඉල්ලා අස්විය.

පසුගිය වසරේ ටෙස්ට් නායකයා සහ 20-20 නායකයා ලෙස සිය නායකත්වයේ තෙවැනි වාරය ආරම්භ කළ ශකීබ් මේ වන විට ආකෘති තුනේම නායකයා බවට පත් ව සිටී. 2009 සහ 2011 හතර පළමඅතර පළමු වරට නායකත්වය 10 ඇති ශකීක් අනතුරුව නිතර නිතර ආබාධයට ලක්වූ මෂ්ර්ෆි මොර්ටාසා වෙනුවට කණ්ඩායම මෙහෙයවූ අතර, පසුව 2015 සහ 2017 දී තවත් එක් දින තරග තුනක දී බංග්ලාදේශයට නායකත්වය දුන්නේය.

ශකීබ් මේ වන විට බංග්ලාදේශයට ටෙස්ට් තරග 19 ක දී සහ 20-20 තරග 39 කදී එක්දින තරග 52ක දී තම රටට නායකත්වය දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *