ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයට අවශ්‍ය කොප්පරා කිලෝ විසිදහසක් ශ්‍රී ලංකා යුද හමුදාව මෙවර ද පූජා කළේ ය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඊයේ (11) මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදාගෙන කෝප්පරා තොගය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත සංකේතවත් ලෙස භාර දුන්නේය .
ජේ ඒ එස් ජයසිංහ