පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව

මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඉතිරිව ඇති මාර්ගය වී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ විදේශ සරසවි වෙත යාම පමණක් බව පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ වසරකට උපදින ලක්ෂ 3.5 කට අධික දරුවන් සංඛ්‍යාවෙන් ඉතා අතලොස්සක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ.

නිදහස්, නොමිලේ ලැබෙන තත්වයෙන් උසස් ගුණාත්මක අධ්‍යාපනයක් පවතී නම් ඒ පිළිබඳ අපි එකඟ වෙනවා. ඒ වෙනුවෙන් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් අරගල කරනවා නම් එයටත් අපි එකගයි. ඒත් මෙවැනි වටපිටාවක් නොමැති වෙලාවක දෙමව්පියන්ගේ දරුවන්ගේත් මහත් කැපකිරීම හරහා අධ්‍යාපන අවස්ථාවන් ලඟා කරගන්න තියෙන මාර්ග අහෝසි කරන්න කියනවා නම් ඒකට අපි එකඟ නැහැ.

එසේම බොහොමයක් පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසුන් අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කරන්නේ ඉඩකඩම් උකස් තබා, විදේශ රැකියා කර, එසේත් නැත්නම් දෙමාපියන් සිය සමස්ත ජීවිත කාලය තුළ උපයා ඉතිරි කරගත් සියල්ල වියදම් කරමින් යයි ද ඊට එක් වූ නියෝජිතයෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *