හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර 400ක් භූමියක තෙල් පිරිපහදුව කඩිනමින් ඉදි කිරීම සදහා මේ වන විට ඉල්ලුම්කරුවන් කැඳවා ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට කීය. ඒ සඳහා සමාගම් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මේ වන විට මෙරට ඉන්ධන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන සිනොපෙක් එනෙර්ජි ලංකා සමාගම ද එයට ඉල්ලුම් කර ඇති බව ඔහු පැවසුවේය.

එම පිරිපහදුව ස්ථාපිත කිරීමෙන් පසු ඉතා පහසුවෙන් ඉන්දට බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකි බව පැවසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන විටත් සිනොපෙක් එනෙර්ජි ලංකා සමාගම ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා ගබඩා කිරීම සිදු කරන බවයි. ඒ හරහා මහා භාණ්ඩාගාරයට බවක් නොමැතිව ඉඳන් ආනයනය කිරීම හා භාවිත මූලිකයාට ලබාදීම සිදු කෙරෙන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බන්ධුල ජයමාන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *