ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් වෙද්දී මෙතෙක් පැවති තරග 13ක තුළදීය හයේ පහර 136ක් හතරේ පහරවල් 339 සහ ඩොට් බොල් 1107 ක් වාර්තා වීම හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති “little hearts” අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 45 ක මුදලක් එකතු වෙයි.
තරගයකදී එල්ල වන සෑම හයේ පහරක් සදහා රුපියල් හය දාහක්, 4 පහරක් සදහා රුපියල් හාරදාහක් ලබාදෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම ලකුණු නොලත් පන්දුවකට රුපියල් දෙදාහක් බැගින් පිරිනැමීමට තරගාවලි සංවිධායකයෝ කැමැත්ත පළ කළහ.
ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් පළමු අදියරයේ දින තුනක දී පැවති තරග පහක දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති little hearts ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක මුදලක් එකතු වුණි. පළමුව තීරයේ තරග 5 තුළදී හයේ පහර 50ක් හතරේ පහර 129ක් හා ලකුණු ලත් පන්දු 494 ක් වාර්තා විය.
ප්‍රින්ස් ගුණසේකර