මේ වන විට පිටරටින් ගෙන ඒමට සිදුව ඇති බිත්තර සහ කුකුල් මස් මෙම වසර (2023) අවසන් වනවිට මෙරට තුළ සම්පූර්ණයෙන්ම සකසා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) කීය.

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, වැසීගිය ගොවිපල නැවත ඇරඹීම, පිටරටින් සංසේචිත බිත්තර ගෙන ඒම ආදී කරුණු නිසා එම අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම රට තුලින්ම සපුරා ගත හැකි බව හෙතෙම පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි (අනුරාධපුර) මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

මේ අතර මෙරටට සහල් ආනයනය කිරීම සඳහා මේ වන විට කිසිම තීරණයක් ගෙන නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *