එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකතනය කර තිබියදී සමනලවැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් නිකුත් කර තිබේ.

කුමන ආයතනයක් විසින් කුමන අරමුණකින් මෙම ක්‍රියාව කළේ දැයි සොයා බලනු ඇත ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. සමනල වැව ජල ප්‍රශ්නයට හේතුව අනවශ්‍ය වේලාවකදී ජලය මුදා හැරීම බවට ලංකා විදුලිබල මණ්ඩල බලධාරීන් විසින් කර ඇති කරුණු දැක්වීමකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තාව කැදවා ඇත.

උඩවලව ජලාශයේ ජල ගැටළුවක් නොමැති අවස්ථාවක සමනල වැව ජලාශයේ වතුර මුදා හැර ඇති බවට ජනාධිපතිවරයා වෙත වාර්තා වී තිබේ. එසේම උඩවලව ජලාශය ජලාශය පෝෂනය වන අක්කර 25000ක් වන කොටසේ අක්කර 13000 ක් වී වගාවටත් ඉතිරි අක්කර 12000 අනෙකුත් බෝග භෝග වගාවන් වෙනුවෙනුත් වෙන්කර වගා කරන ලෙස කෘෂි බලධාරීන් උපදෙස් දී ඇත්තේ මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනය. එහෙත් මුළු අක්කර 25000 ක භූමියේ ම වී වගා කළේ කවර අරමුණකින් ද කාගේ උපදෙස් අනුව ද යන්න සොයා බලා වාර්තා කරන ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *