වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නමයක් අතරින් ව්‍යාපෘති හතක ප්‍රගතිය 0% සිට 13.16%ක අවම මට්ටමක පැවති බව ද විගනන මගින් අනාවරණය කොට ඇත.

මෙම ව්‍යාපෘති සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන් සැලසුමළසුම් කළ පරිදි නිම කිරීමකින් තොරව එකී ව්‍යාපෘති අත හැර දැමීමට සිදුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ ඇති නවතම විගනන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘති නමය සදහා සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 333,569ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 690ක් විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපාය කරණය හා කඩිනම් කිරීමේ නිර්දේශ ප්‍රකාරව අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2023 ජනවාරි මස 13 වැනිදා වාරිමාර්ග අමාත්‍යාංශයයාංශය ලේකම් වරයා වෙත ඉදිරිපත් කොට තිබූ ලිපියට අනුව 2023 වර්ෂයේ සිට මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට තීරණය කොට ඇති බවද විගණන විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකී ව්‍යාපෘති අතුරින් තල්පිටිය ජලාශ ව්‍යාපෘතිය, දෙමට ගල්ල හා කුඩා විලච්චිය වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය, කුඹුක්කන් ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යන ව්‍යාපෘති සඳහා මෙතෙක් දරා ඇති පිරිවැයෙන් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබිණි.

ලලිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *