මහ බැංකු විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම වලට අමතක තවත් පිරමිඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳවද ශ්‍රී ලංකා මහබැංකු විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි.

මෙම වංචනික ව්‍යාපාර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදය සපයන අවස්ථාව සදහා අනුග්‍රහය කත්වය දැක්වීම මගින් යහපත් ආයතන හෝ පුද්ගලයන් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහ බැංකුව කියයි. එහෙත් ඒ සදහා නොරැවටෙන ලෙසත් තමන් උපයාගත් මුදල් හට ගන්නා ලෙස මහ බැංකුව මහජනතාවට අවවාද කර සිටී. දැනටමත් මහ බැංකුව විසින් පිරමීඩ යෝජනා ක්‍රම අටක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ මහජනයා දැනුවත් කර ඇත. එහෙත් එම ලැයිස්තුවේ දැනට ක්‍රියාත්මක සියලුම පිරමීඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බව බවද මහ බැංකුව තවදුරටත් මහජනයාට දන්වා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *