ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමග සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැන් එහි රත්නපුර සිරිපාගම ප්‍රදේශය ඉඩමක් හරහා දිවෙන කොටස කිසිදු un දෙකෙන් තොරව රජයට පරිත්‍යාග කිරීමට ඉඩමේ හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් එකගතාවය පළ කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය හා අදාල ඉඩමේ හිමිකරුවන් අතර පැවැති ආරවුල විසඳීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් එකොළොස් වැනිදා දෙපාර්ශවය කැදවා තිබිණි. එහිදී මෙම කතාව පළ කර තිබේ. මෙම එකගතාවය එදින සිට ම බලාත්මක වේ.

ඉඩමේ හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාවය පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි අඛණ්ඩව විදුලි සැපයුම දායක වීම සදහා මෙම එකඟතාව පළ කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම එකගතාවය පිළිබඳ ගිවිසුමට අදාළ පවුලේ සාමාජිකයන් සහ ලංකා විදුලිබල මණ්ඩලය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිට දී අත්සන් කර ඇත. ඒ අනුව අදාළ සම්ප්‍රේෂණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සලසා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත සැලසුමට අනුව අදාළ විදුර කෑම මම පෞද්ගලික ඉඩම හරහා ඉදිකිරීමට ද අවම උස මීටර් විස්සක් තබා ඉදිකිරීමටද පොළොව මට්ටමේ සිට මීටර් මීටර දහසයක් දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට ද හා වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන ඉදිකිරීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාව පිළිබඳව රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමටද මෙහෙයවීමෙහි දෙපාර්ශවය විසින් එකඟ වී ඇත.

සම්ප්‍රේෂණ රැහැන් එහි මීටර් 630 කොටසක් ඉදිකිරීමේදී අහිමිවන ඉඩම් කොටසේ වන්දිය වශයෙන් පුද්ගලික දක්ෂයකු කරුවන් විසින් රුපියල් මිලියන හතළිස් එකක් නිර්දේශ කර තිබුණි. පසුව ආසියානු සංවර්ධන අරමුදල නිර්ණායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6 වශයෙන් ගණනය කර ඇත. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය කරගත්තා ආවේ පළකර තිබුණේ රුපියල් මිලියන 1.69ක වන්දි මුදලක් සදහාය. මෙම ආරවුල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අගෝස්තු 8 වැනිදා යොමුකර තිබුණි . ඒ අනුව කිසිදු වන්දි මුදලක් ගෙවීම ගෙන් තොරව ම තොරව ම ගැටලුව නිරාකරණය කරගෙන ඇත. මෙම සම්ප්‍රේෂණ රැහැනට අදාල ආරවුල නිරවුල් කිරීමේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහජන බිම් පුතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අමාතංශය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂාන් වීරසූරිය මහතා ක්‍රියා කළ අතර බාහිර සාමාජිකයන් වශයෙන් නීතිඥ සී. එල්ලාවල මහත්මිය සහ ඉංජිනේරු ගාමිණී සේනානායක මහතා කටයුතු කළහ.

උපාලි ද සේරම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *