විද්‍යුත් හැදුනුම් පත් ප්‍රදානය කිරීමේ දී විශාල අක්‍රමිකතා රැසක් සිදු වන්නට යන බවත් ඒ හරහා විශාල මුදල් අක්‍රමිකතාවක් සිදු වන බවත් ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉරිදා මව්බිමට පැවසීය.

ලංකාවේ විද්‍යුත් හැදුනුම් පත් ප්‍රදානය කිරීමේ දී විටින් විට ටෙන්ඩර් දිය යුතු දින වෙනස් කරමින් හා අනතුර ටෙන්ඩර් දිනය නියමිත කාලයට පෙර අවසන් කිරීම හේතුකොටගෙන බොහෝ ටෙන්ඩර්කරුවන්ට ඒ සඳහා ඉල්ලීම් කිරීමට හැකියාවක් ලැබී නොමැති බවත් ජා.ජ.බ නායකයා පැවසීය.

අවසානයේදී ටෙන්ඩර් ඉදිරිපත් කොට තිබෙන්නේ සමාගම් දෙකක් පමණක් වන අතර එක් සමාගමක් මේ වන විට මත්පැන් සදහා stikara සැපයීමේ සමාගමක් වන සේම ඒ හරහාද විශාල අක්‍රමිකතා රැසක් වාර්තා වන බවත් එමෙන්ම රටවල් ගණනාවක එම සමාගම අසාදු ලේඛන කතව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම විද්‍යුත් හැදුනුම්පත් ජාලගත කිරීම රටේ ඉතාමත් සංවේදී දත්ත හා තොරතුරු මත බැඳී පවතින්නක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එම දත්ත පිටට ගලා යාම රටේ ස්වෛරිත්වය ට හා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවද හෙතෙම පැවසීය. එසේ වැදගත් ව්‍යාපෘතියක් සදහා සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී විශාල අවදානමක් ගත යුතුව තිබුණත් ආණ්ඩුව එය නොසලකා හරිමින් විවිධ බලපෑම් වලට යටත් වී එම ක්‍රියාවලිය සිදු කරමින් ඊට සූදානම් වන බව හෙතෙම සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ හරහා විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වේ දැයි සාධාරණ සැකයක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *