කෙරවලපිටියේ ඉදිවෙන මෙගා වොට් 350 කින් සමන්විත සොබාදනවි දිවිත්ව චක්‍රීය විදුලි බලාගාරයෙන් මෙම වසර අගදී මෙගාවොට් 212 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බව එල්. ටී.එන් හොල්ඩින්ග් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධාර්මික ධම්මික නානායක්කාර මහතා පැවසීය.

මෙම බලාගාරය අදියනය අදියර දෙකක් යටතේ ඉදිවන අතර ඒ අනුව ඉතිරි මෙගා වොට් 138 ලබන වසරේ වසරේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත ව ඇත. මෙරට බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කෙරවලපිටිය ඉදිවන මෙම ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය ශක්තියක් බව ද ඒ මහතා කීය.

මේ අතර උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය යටතේ තවත් මෙගාවොට් 120ක්ද ලබන ඔක්තෝබර් මසදී ජාතික පද්ධතියට එක්කරන බව ලංවීම ජේෂ්ඨ ඉංජිනේරුවා පැවසූහ. ඒ අනුව මෙම වසර තුළ ජාතික විදුලි පද්ධතියට අලුතින් මෙගාවොට් 332 ක් එක් වන බැවින් විදුලි අර්බුදයට තාවකාලික විසඳුව විසඳුමක් ලැබෙන බව ද ඔහු කියා සිටී.

ශිරාන් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *