අපොස සාමාන්‍ය පෙළ විභාගය දහවන ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනය දී මෙම කටයුත්ත පිළිබඳ අවධානය යොමුකරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආරම්භක වකවානුව සාමාන්‍ය පෙළ විභාගය දහවන ශ්‍රේණියේ දී පැවැත්වූවත් පසුකලෙක එය 11 ශ්‍රේණිය දක්වා වසරකින් දිගුවූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙම කාර්යය කවර කළ නොහැකි බවත් 1, 6 හා 10 ශ්‍රේණි වලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයික, ජේෂ්ඨ ද්විතීක වශයෙන් අවස්ථා තුනක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කියා සිටී.

ඉතා කෙටි කලක් තුළ අධික වේගයෙන් දැනුමත් දෙගුණ වන සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකරන නව නව අධ්‍යාපන පරිවර්තනයක් සිදු කළ යුතු බවත් කොලබ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා පැවසීය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *