විද්‍යුත් බස් රථ ධාවනය කඩිනමින් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

කොන්දොස්තරවරුන් නොමැති නොමැතිව ධාවනය වන මේ බස් රථවල අත්‍යවශ්‍ය තාවයක් මේ වන විට මතුව ඇති බවත්, එම බස් රථ වල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවත්, කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කර ගැනීමට එමගින් හැකියාව ලැබෙන බවත් ලංකා පවතින බස් හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය.

” අපි විද්‍යුත් තාක්ෂණයට යායුතුයි. ඉදිරියේදී බස්රථ ආයෝජනය කරන්නේ ඒ උපකරණ සමඟයි. බස් රථයට නැග්ග පසු ටච් කළ හැකි කාඩ් පතකින් ගමනාන්තය දක්වා වන ප්‍රවේශ පත්‍රය ලබාගත හැකියි.

අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා, මේ බස්රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට යොදන ලෙස, මින් කොළඹ මාර්ග තදබදය අඩු කර ගත හැකියි. කොළඹට කාණු වලින් යන ජනතාව බස් එකේ යන්න මින් යොමු කළ හැකියි. මේ බස් සේවාව ආරම්භ කළ පසුව කොළඹට වාහන ඒම පිළිබද යම් තීරණයක් ආණ්ඩුව ගත යුතුයි”

සුභාෂිණී සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *