පර්සෙයිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල මෙම ජනතාවට දැකගත හැකිය.

පර්සියන් තාරකා රාශියෙන් මෙය උල්කාපාත වර්ෂාව පැමිණෙනවා සේ පෙනෙන නිසා එයට පර්සෙයිඩ්ස් නාමය දී තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාඥ ආචාර්ය, ජනක අඩස්සූරිය මහතා පැවසීය.

උල්කා වර්ෂාව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

” මෙවැනි උල්කාපාත වර්ෂා ඇති වන්නේ වල්ගා තරුවක් හේතුවෙන්. මේ දිනවල දිස්වන මේ උල්කා වර්ෂාව ට හේතුව වල්ගාතරුවක් ගමන් කළ මාර්ගය හරහා පෘථිවිය ගමන් කිරීමයි. මෙම උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව ඊයේ (13) සහ පෙරේදා (12) දිනවල දී ඇති වුණා. ජූලි මස 14 වැනි දා වැනිදා සිට සැප්තැම්බර් මස පළවෙනිදා දක්වා මේ උල්කාපාත වර්ෂාව ජනතාවට දැකගත හැකියි.

පර්සියන් තාරකා රාශිය අපට දිස් වන්නේ උදෑසන තුනට පමණයි. රාත්‍රී 12ට සහ 1ට පමණ නිරීක්ෂණය කළ විටද උල්කාපාත පෙනෙනවා. නමුත් උල්කාපාත වැඩිපුර දිස්වන්නේ රාත්‍රී තුනෙන් පසුවයි. උතුරු සිතිජයෙන් මේ උල්කාපාත දැකගත හැකියි”

උපාලි කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *