මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සදහන් කර සිටියේ ” ස්ථාවර රටකට සැවොම එක මගකට” මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. රට තුළ නිරෝගිමත් ජනතාවක් ගොඩනැගීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළුවට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය තුළ නව ප්‍රවණතා රැසක් සිදු කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *