සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව අය කර ගැනීමට මුදල් අමාත්‍යංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එය පිළිබඳ දැඩි අප්‍රසාදය පළ වී තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් තමන්ට රජය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එම තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *