වෛද්‍යවරුන්ගේ හිගය තව දුරටත් පැවතුනහොත් විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමෙන් රෝහල් මුහුණපා ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජය විසින් පනවා ඇති දැඩි බදු ප්‍රතිපත්ති සහ රටේ පවතින අස්තාවරභාවය බවද හෙතෙම කීවේය.

වරුණි පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *