කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු දහයේ සිට පැය 8 කට අධික කාලයක් විදුලිය විසන්ධි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම විදුලිය බිද වැටීමත් සමග රෝහලේ දුරකථන ජාලය සහ වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීමෙන් වෛද්‍යවරුන් මෙන්ම රෝගීන් ද දැඩි අපහසුතාවයට පත්වූ බව කී එම නිලධාරියා වෛද්‍යවරුන් ඇතැම් සැත්කම් විදුලි විදුලිපන්දම් ආධාරයෙන් කළ බවද සඳහන් කළේය.

මම විදුලි බිද වැටීමත් සමඟ ලේ බැංකුවේ කටයුතු ද පැය කිහිපයක් ඇනහිට තිබූ අතර ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බවත් දැඩි සත්කාරය ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවත් එම නිලධාරියා කීය.

ජාතික රෝහලේ නඩත්තු අංශය පරිපාලන නිලධාරීන් නව දෙනෙකු සේවය කරන අතර එසේ තිබියදී සිදුවූ මෙම දැවැන්ත විදුලි බිද වැටීම් පිළිබඳ පර්යේෂණ පවත්වන බවද එම නිලධාරියා පැවැසීය.

විදුලිය බිද වැටීම ඊයෙ (14) පස්වරු වන විටත් යථා තත්ත්වයට පත් කරමින් තිබූ බවද ඔහු සඳහන් කළේය.

යොහාන් බාසුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *