ලංකාවෙන් පෙරහරවල කරඩුව වැඩම කිරීමට සහ පෙරහරේ ගමන් කිරීමට ඇත්තේ හිලැ ඇතුන් 94 පමණ තැයි, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.
ප්‍රදීප් නිලංග දෑල මහතා එහිදී මෙසේද කීය.
අද පැරහැර සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතිනවා. දැනට පෙරහර වලට ගෙනයාහැකි අලිඇතුන් 94 දෙනකුගෙන් පෙරහැරවල් වල ගමන් කළ හැකි තත්ත්වයේ අලි ඇතුන් ඇත්තේ 60ක් පමණයි.
අලි ඇතුන් නොමැතිව පෙරහර පවත්වන්න බැහැ. අපේ බෞද්ධ සංස්කෘතියට පෙරහැර අත්‍යවශ්‍ය වෙනවා, එම පෙරහරවලට අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කර තත්ත්වයක් තිබෙනවා.
අලි ඇතුන්ට හිංසා පීඩා සිදුවන බව කියන පාර්ශව මේ ගැන දන්නේ නැතැයි ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.
ජේ.ඒ.එල් ජයසිංහ