කොත්තු රොටිය හදන්න පරක්කු වුණා යැයි පවසමින් හෝටලයක අයකැමියට පහර දී අල්මාරියක වීදුරුවක්ද කඩා දැමූ බව පැවසෙන පුද්ගලයෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වැනිදා රාත්‍රි කාලයේ කටුගස්තොට නගරයේ පිහිටි හෝටලයක් වෙත පැමිණි පුද්ගලයෙක් තමන්ට කොත්තු රොටියක් අවශ්‍ය බව එහි අයකැමි වරයාට පවසා තිබේ. පසුව තමන් ඇනවුම් කල කොත්තු රොටිය සෑදීමට ප්‍රමාද වූවා යැයි බව පවසමින් කොත්තුරොටී ඉල්ලූ පුද්ගලයා හෝටලයේ අයකැමිවරයා සමග බහින් බස් වීමක් ඇති කරගෙන ඇති අතර, ඉන්පසු එම පුද්ගලයා අයකැමි වරයාට පහර දී හෝටලයේ තිබුණු අල්මාරියක වීදුරුවකට ද අලාභ හානි සිදුකර ඇත. පහරකෑමට ලක්වූ අකුරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන ඉසදීන් මොහොමඩ් නැමැත්තා ඒ පිළිබඳ කටුගස්තොට පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ජංගම මුර සංචාරය යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අයකැමි වරයාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ ලක්වූ බව පැවසෙන අයකැමි වරයා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස කටුගස්තොට දිසා රෝහල වෙත ඇතුළත් ව සිටින බවද පොලිසිය පවසයි.

38 හැවිරිදි වියේ පසුවන කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසෙන සැකකරුව පෙරේදා මහනුවර දිස්ත්‍රික් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තරයේ අවවාද කර ඇප මත මුදා හැර තිබේ.

කටුගස්තොට සමූහ – එස් ජී විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *