සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරන සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. සීගිරිය ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම, ග්‍රාමීය සංවර්ධනය, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15 ක වියදමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මේ ව්‍යාපෘතිය යටතේ සීගිරිය නව ගම්මාන රථ ගාල හා සාප්පු සංකීර්ණය, සියවස් මාර්ගය, සීගිරිය කෞතුකාගාරය, විදේශිකයන්ගේ රථගාල, පිවිසුම් මාර්ගය සංවර්ධනය මෙන්ම පිදුරංගල ආශ්‍රිත ප්‍රදේශය, කලුදිය පොකුණ, මාපාගම ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණය මෙන්ම රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංරක්ෂණය කිරීමට නියමිතය.

නාඋල සමූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *