කොළඹ ගෝතමී බාලිකා විදුහලට හෝ පැනා එහි ක්‍රීඩා උපකරණ ගබඩා කර ඇති කාමරයේ දොරගුළු බිඳ ක්‍රීඩා උපකරණ හා යකඩ දොරවල් කිහිපයක් සොයාගෙන ගොස් ඇතැයි මරදාන පොලිසිය සදහන් කරයි.

මෙම සොරකම පසුගිය දොළොස් වැනි දත් පෙරේදාත් අතර කාලය තුළ සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරමින් විදුහලේ ගුරුවරයකු පවසා ඇත.

රුපියල් 330,000ක් වටිනා ක්‍රීඩා උපකරණ හා යකඩ දොරවල් හතරක් මෙසේ සොයා ගෙන ගොස් ඇති බව එම පැමිණිල්ලේ හි සදහන් වන බව මරදාන පොලිසිය කියයි.

මෙම සොරකම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් විද්‍යාලය අවට ඇති නිවාස හා ආයතන වල ආරක්ෂක කැමරා දර්ශන ඒ සඳහා යොදා ගන්නා බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *