කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තය හරහා පැමිණෙන ගුවන් මගීන්ගේ අපහසුතා මඟහරවා ගැනීමට එක් ස්කෑන් යන්ත්‍රයක් ඉවත් කර ඇත.

මෙතෙක් කල් එහි සවිකර තිබුණු ස්කෑන් යන්ත්‍ර තුනක් හරහා ගමන් කිරීමේදී විදෙස් ගතවන මගීන්ට දැඩි අපහසුතා ගෙන මුහුණ මුහුණ පෑමට සිදුවිය.

එමෙන්ම එම පර්යන්තය තුළ විශාල මගී තදබදයක් නිර්මාණය වීම නිරීක්ෂණය වීම නිසා මෙසේ ක් ස්කෑන් යන්ත්රයක් ඉවත් කිරීමට ගුවන්තොටුපල සමාගම තීරණය කළේය.

නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446 කින් ලබා ගන්නා කින් ලබා ගන්නා රූපරාමු ඇතුළත් ආරක්ෂිත සීසීටීවී කැමරා පද්ධතියකින් යුතු පැනලයක් තුළින් පැය 24 පුරාම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර සිවිල් ඇදුමින් සැරසුනු ගුවන්තොටුපල හා ත්‍රිවිද හමුදාව සමන්විත ආවේශණ කණ්ඩායමක් පිටත් වීමේ සහ පැමිණීමේ පර්යන්තය සේවයේ නිරත වන බව ගුවන්තොටුපල සමාගම අවධාරණය කරයි.

ගුවන් තොටුපළ හා ගුවන් මගීන් හට තම ආරක්ෂාව පිළිබඳ කිසිදු තර්ජනයකින් ඇති නොවන බවත් සෑම ගුවන් මගියෙකු ම ගුවන් යානයට ඇතුල් වීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කරන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළේය.

ගුවන් මගීන් සදහා වඩාත් කාර්යක්ෂම හා උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විධානයන්ට යටත්ව ස්කෑන් යන්ත්‍ර ඉවත් කිරීම සිදු කළ බව ගුවන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ බලධාරීහු පැවසූහ.

ලැබී ඇති තොරතුරු අනුව මේ දිනවල විදෙස්ගතවන ගුවන් මගින් සංඛ්‍යාව දිනකට පහළොස් දාහකට ආසන්න ප්‍රමාණයක් බව ගුවන්තොටුපල සමාගම පෙන්වා දුන්නේය.

ජේ.ටී. ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *