වෙළඳපොලේ මත්ස්‍ය මිල ගනන් ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී. වී. උපුල් මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දී ඇත.

මේ සම්බන්ධව වාර්තාවක් ඊයේ (16) ධීවර ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ දකුණු මුහුදේ වාරකන් සමය අවසන් වෙමින් පවතීම සහ ත්‍රිකුණාමලය, කල්මුනේ සහ කින්නියා මුහුදු තීරයන්හි මේ දිනවල සරු මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් තිබෙන බවයි.

මේ වන විට ලින්නා මසුන් කිලෝවක තොග මිල රුපියල් 400ත් 500ත් අතර මිලකටත් කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වාත් දැල්ලන් සහ බලන් කිලෝ ක තොග මිල රුපියල් 700 දක්වාත් අඩු වී තිබෙන බව සභාපති වරයා ඇමැතිවරයා හමුවේ දැනුම් දී ඇත.

එමෙන්ම මේ තොග මිල ගණන් වලට ධිවර සංස්ථා අලෙවිසැල් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙන් පාරිභෝගිකයන්ට මසුන් මිලදී ගත හැකි බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ධීවර සංස්ථා වෙළඳසැල්වලින් ලින්නා කිලෝව රුපියල් 620ක සිල්ලර මිලටත්, දැල්ලන් මෙන්ම බලයා කිලෝව රුපියල් 850ක පමණ මිලටත් මිලදී ගත හැකි බවද සභාපතිවරයා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *