ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ජාත්‍යන්තර රසායනාගාරයක් මෙරට ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය සමඟ සෞඛ්‍ය ඇමති, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙරේදා (15) සාකච්ඡාවක් සිදු කර ඇත.

මෙම සාකච්ඡාවන්හි සාර්ථකත්වය අනුව මෙරටට විශාල අඩුපාඩුවක්ව පවතින Benchmark 4 වැනි මට්ටමේ ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීමට නියමිතය.

ජනාධිපතිවරයා ද මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙවැනි කාර්යන්ට ප්‍රතිපාදන සැලසීම ප්‍රමුඛ කාර්යයක් බව සෞඛ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීම හදිසි සහ අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා කාල රාමුවක් යටතේ සිදුකළ යුත්තක් යැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙහිදී ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසූයේ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු සහාය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබාදීමට කටයුතු කරන බවයි.

සන්ධ්‍යා කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *