ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුව පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රට පෙට්‍රල් මිල රුපියල් 17.50 කින්ද ඩීසල් මිල රුපියල් 20කින් ද ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ය. ඒ අනුව මේ වන විට පකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 290.45ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටර් ලීටරයක මිල රුපියල් 293.40 දක්වා ඉහළ ගොස් තිබේ. පාකිස්ථානයේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු භාරකාර රජය පත්වී පැය 48ක්  ගත වීමටත් පෙරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *