මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට උතුරින් පිහිටි අධිවේගී මාර්ගයක ට ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මේ අනතුරට මුහුණ පා ඇත්තේ ඊයේ දහවල් එරට ලන්ග්කාවි ගුවන්තොටුපොළෙන් පිටත්ව සෙලෙංගෝර් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ කුඩා ගුවන් යානයක් බව ද වාර්තා වේ.
මගෙන් හය දෙනකරි දෙනකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු රැගත් එම ගුවන් යානය අධිවේගී මාර්ගයට කඩා වැටී ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් සහ යතුරු පැදියක ගැටී ඇතැයි ද ගුවන් යානය කඩා වැටීමෙන් පසු විශාල ගිනි ජාලාවක් පැතිර ගොස් ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. මියගිය පුද්ගලයන් හදුනා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බවත්, අනතුර සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *