පැල් රැකීමට ගොස් නිවසට එමින් සිටි නවගත්තේගම පදිංචි 64 දී පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති අතර, තවත් අලි ප්‍රහාරයකින් නාරම්මල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය. මේ හැරුණු කොට මීගස්වැව සහ පොතුවිල් හි දී සිදුව ඇති වන අලි මරණ දෙකක් ද පොලීසියට ඊයේ (17) වාර්තා වී තිබේ. වන අලි පහර දීමෙන් මියගොස් ඇත්තේ නවගත්තේගම කුරුකැටියාව කුරුලු වැව ගම්මානයේ පදිංචිකරුවෙකි. බොහෝ තියෙන් ගොවියකු වන ඔහු කුඹුරේ පැල් රැකීමට ගොස් පාපැදියෙන් උදෑසන නිවසට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි. රජය වී ගම සුසාන භූමිය ආසන්නයේ දී එල්ල වුනු මෙම වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ එල්. ඒ. චන්ද්‍රපාල නැමැති ගොවියෙකි. මේ අතර narambala පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය නිරත පොලිස් කොස්තාපල් කල්ප මදුශාන් නමැති නිලධාරියා නිවාඩු ලබා වව්නියාව මාමඩුව නිවසට පැමිණ සිටියදී ඔහු ද පෙරේදා වන අලි ප්‍රහාරයට ලක්විය. වව්නියාව රෝහලට ඔහු ඇතුළත් කර ඇතැයි මාමඩුල්ල පොලිසිය කියයි.

මියගොස් ඇති වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙක් මියගොස් සිටින්නේ මීගස්වැව බොරුපන්විල රක්ෂිතය තුළ බව පොලිසිය කියයි. එහෙම වනා ලියා මිය යෑමට හේතුවක් අනාවරණය නොවන බවද බවද පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *