තිරිගු සහ ඉරිඟු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ මුල් මාස 6 දී ඩොලර් මිලියන 188ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.
පසුගිය වර්ෂයේ මෙම කාල සීමාවේදී තිරිඟු හා ඉරිගු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 136.3ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස හය සඳහා ඉකුත් වර්ෂයේ මෙම කාලයට සාපේක්ෂව තිරිගු සහ ඉරිගු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 51.7ක මුදලක් වැඩිපුර වැය වී ඇත.
මෙම වර්ෂයේ ජුනි මාසයේදී පමණක් තිරිගු සහ ඉරිඟු ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 41.1කී.
ලලිත් චාමින්ද