එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථාවට අනුව තනතුරු හතරකට පක්ෂය සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පක්ෂ නායක, මහලේකම්, සභාපති, භාණ්ඩාගාරික යන තනතුරු පමණක් පත්කර නියෝජ්‍ය නායක, උප නායක ඇතුළු මෙතෙක් තිබූ සෙසු තනතුරු අහෝසි වේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සකස් කළ නව ව්‍යවස්ථාව ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතය. අනතුරුව එය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබේ.

පක්ෂයේ වෙනස් නොවන තනතුරු වලට දැනට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, භාණ්ඩාගාරික එස් එම් ඒ. එස්. එම්. මිස්නා කටයුතු කරති.

ප්‍රධාන තනතුරු හතරට අමතරව අහෝසි වන සිසු තනතුරුවල අය පක්ෂය ව්‍යවස්ථාවෙන් පත් කරගනු ලබන උසස් නිලතල කමිටුවකට පත් කරනු ලබති. ඔවුන් පක්ෂයේ මෙහෙයුම් කටයුතු සදහා සහභාගී කර ගැනීමට නියමිතය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *