කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය මගින් සංවිධානය කරන ලද ‘Green force” ව්‍යාපෘතිය, “තුරු කැපකරු” ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව පසුගිය නව වැනිදා දෙනකම් සපුගස්කන්ද සෝභිත විද්‍යාලය සහ දහම රාජ විද්‍යාලයේ කෙරෙන්ද කොට ගනිමින් විද්‍යාලය විදුහල්පතිවරුන්, ආචාර්යවරුන් හා සිසු දරුවන්ගේ දෙමාපියන් ගෙන් සහභාගීත්වයෙන් මෙය අති සාර්ථක ලෙස පැවැත්විණි. එස්ලෝන් පෞද්ගලික සමාගම සහ newsfirst මේ සඳහා අත්වැල් බැදගෙන බැද ගනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය මගින් පාසල් ද්විත්වයේ සිසුන් සියයක් ලවා පැල සිටුවීම සිදු විය. මෙම කර්තව්‍යය මගින් අනාගත පරපුර පරිසර සුරක්ෂිතතාවය උදෙසා යොමු කරවීමේ අරමුණ පෙරදැරිව ඔවුන්ට වටිනා සහතික පත්‍ර ප්‍රදානය කිරීම මෙහි දී සිදු විය. තුරු කැපකරු ජංගම යෙදවුම හරහා සිසුන්ගේ රෝපණය කරන ලද පැළ අධීක්ෂණය කිරීමේ හැකියාව මින් සැලසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *