දැඩි නියං තත්ත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම, සෙල්ලකතරගම් ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වනවිට හෙළි කරගෙන තිබේ.

මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වන ජීවයත් සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් සහ යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න යන මහත්වරුන් පවසයි.

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික වනෝද්‍යානය ඇතුලු රක්ෂිත සීමාවන්හි වැව්, දියකඩිති සිදී ගොස් ඇති නිසා ජලය සොයා යන වන සතුන් ඉලක්ක කර ගනිමින් මෙසේ වස දීම සිදු කර වන සතුන් මරා දඩමස් ජාවාරම කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුහු පවසති. සැපයීම පිණිස කරනු ලබන්නක් බව ද අනාවරණය වී ඇතැයි ද සදහන් කරති. වස මුසු කළ ජලය ලබා දීමෙන් සතුන් ඝාතනය කරන්න ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රි දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවක් යොදවා ඇත. දඩ මස් ආහාරයට ගැනීමෙන් මුළුමනින්ම වළකින ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *