පොදු ප්‍රවාහනය සදහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සදා 2022 වර්ෂය අවසාන වන විට රුපියල් මිලියන 248.8ක මුදලක් වැය කර තිබුණි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර තිබූ රුපියල් මිලියන 248.8 ක මුළු වියදමින් සියයට හැත්තෑ තුනක් එනම් රුපියල් මිලියන 180.9කට ආසන්න මුදලක් ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු සදහා වැය කර තිබූ බවද විගණනය මඟින් අනාවරණය කර ඇත.

ව්‍යාපෘතියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන රජය විසින් ව්‍යාපෘති අතරමග නවතා දැමීම නිසා ඒ වන විට මිලදී ගෙන තිබූ දගජගී යන්ත්‍ර 1,465කින් 500ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවටද, 965ක් වන ඉතිරි ප්‍රමාණය ප්‍රවාහන අමාත්‍යාංශයට ද බාරදී තිබුණි. සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා මුළු දිවයින ම ආවරණය වන පරිදි බස්රථ 23000කට ආසන්න ප්‍රමාණයක් (2018-2023) සදහා රුපියල් මිලියන 26,860ක මුදලක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි.

ලලිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *