ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඩොලර් මිලියන 250ක ඉන්ධන ලබා ගෙන ඇතත් මෙතෙක් රටට ශ්‍රී ලංකාවෙන් තේ ලබාදී නැති බව හෙළිවී තිබේ.

මෙම කාරණය හෙළි වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්, තේ අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේ දී ය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඩොලර් මිලියන 5 ක තේ ප්‍රමාණයක් මසකට ඉරානයට යැවීම ආරම්භ කර ඇත. තියෙන යැවීම ගැන සොයා බැලීමේදී එසේ වී ඇත්තේ තෙල් සංස්ථාව මගින් තේ අපනයන මණ්ඩලයට මුදල් ගෙවා නොතිබීම නිසා බව ද හෙළි වී ඇත. මේ අනුව පළමු තේ තොග ඉකුතය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමට සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් ඇති බව තේරෙන දුන් තේ වෙළඳුන් ගේ සංගමය ප්‍රකාශ කරයි.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *