නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 225 ටම තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස පාලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.
2019 වසරෙන් පසු පෙර කී කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදයක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර අහිමි වී ඇතැයි නවක මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
2020 පැවති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 80 කට ආසන්න පිරිසකට එම හිමිකම අහිමි වී ඇතැයි ද මෙම මන්ත්‍රී පිරිස කියා තිබේ.
ලබන වසරේ (2024) බොහෝවිට මැතිවරණ වසරක් වීමට හැකි බවත් ඒ නිසා ගම් බිම් වලට යාම ඒම සදහා සුදුසු වාහනයක් නොමැති බවත් මේ පිළිබඳ කළ විමසීමකදී පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කියා සිටියහ.
ශිරාන් රණසිංහ