ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ඒ කොන්දේසි අනුව රජය ගත වූ ජූලි මාසයේ අග වන විට ඉටු කළ යුතු කාර්යයන් ගෙන් හතක් මෙතෙක් ඉටු කර නැතැයි වෙරිටේ රිසච් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය අනුව එම අරමුදල අනුමැතිය හිමිවූ ණය වැඩසටහන් ඒ හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින IMF ‘ මීටරය ‘ නමැති දර්ශකයෙ ඉකුත් ජූලි මාසයේ දත්ත අනුව වෙරිටේ රිසර්ච් ආයතනය මේ බව සදහන් කරයි. එකඟ වූ කාලසීමාවන් ට අනුව nobal ප්‍රමාදයක් සහිතව ශ්‍රී ලංකාව ඉදිරියට යමින් පවතින බව ද වෙරිටේ රිසර්ච් ආයතනය අනාවරණය කොට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන පිළිබඳව පළමු සමාලෝචනය කර අරමුදල දෙවැනි වාරිකය ලබාදීමට නියමිත එළඹෙන සැප්තැම්බර් මාසය අග වනවිට ශ්‍රී ලංකාව කැපවීම් හැත්ත එකක් ඉටු කළ යුතුව ඇතැයි ද එම ආයතනය පෙන්වා දෙයි.

සවනි ශේෂාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *