ජපන් උසස් අධ්‍යාපන ආයතනය සහ ශ්රී ලංකාවේ උසස් අධ්යාපන ආයතන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සංස්කෘතික හුවමාරු වැඩසටහනක් යටතේ ජපාන සිසු පිරිසක් මේ දිනවල මෙරටට පැමිණ සිටිති. මෙලෙස ජපානයේ සිට පැමිණි සිසු සිසුවියන් මෙරට සිසු සිසුවන් සමග ඊයේ (20) පෙරවරු යි සීගිරිය නැරඹීමට එක් වූයේ ය.

දෙරට අතර සංස්කෘතික වටිනාකම් හුවමාරු කරගැනීම මේ වැඩ සටහනේ අරමුණ වන අතර, ඊට පුරාවිද්‍යාත්මක ස්ථාන රැසකට ගමන් කරමින් බෞද්ධ සහ අනිකුත් ආගම්, සංස්කෘතිය, අධ්‍යාපන ක්‍රමවේද, උසස් අධ්‍යාපනය ආදී කරුණු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරේ.

මේ වැඩසටහන තමාට විශාල අත්දැකීමක් බවත්, ශ්‍රී ලංකාව ඉතා ලස්සන හොඳ මිනිසුන් සිටින කටක් බවත් ජපානයේ සිට පැමිණි සිසු සිසුවියෝ පැවැසූහ. සිසු සිසුවියෝ ද තමන් ලද අත්දැකීම් ඇසුරෙන් ජපන් භාෂාව හා එරට සංස්කෘතිය පිළිබඳ අත්දැකීම් රැසක් අත්කර ගත් බව සදහන් කළහ.

සීගිරිය විශේෂ – කාංචන ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *