ස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපල අතර සෘජු ගුවන් ගමන් සේවා ඊයෙ (20) පස්වරුවේ සිට ආරම්භ කර තිබේ.

මෙම ගුවන් ගමන් සේවා පසුගිය කොරෝනා වසංගත සමයේදී අත්හිටුවා තිබුණි.

එස්.ජී. – 03 දරණ ප්‍රථම මංගල ගුවන්යානය ඊයේ (20) පස්වරු 02.02ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත. මෙහි ගුවන් මඟින් මගින් 30 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතරදෙනකු සිට තිබේ.

මින් පසු සතියේ සඳුදා සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවා යානා පස්වරු 02.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එදිනම පස්වරු 03.10ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යාමට නියමිතය.

ඊයේ පැමිණීම ගුවන් යානය පස්වරු 02.50ට ගුවන් මගීන් පනස් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් මදුරේ බලා පිටත්ව ගොස් තිබිණි.

කටුනායක- ටී.කේ.ජී. කපිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *