දේශීය ලොකු ලූණු වගාව මින් වසර ගණනාවකට පෙර සාර්ථක සිදු කෙරුණු නමුත් දැනට වසර හත අටක සිට ලොකු ලූණු වගාව ඉතාමත් අසාර්ථක වී ඇත ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. මේ වන විට ගොවීන් ලොකු ලුණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වන නිසා දේශීය ලොකු ලූණු වගාව සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මෙම තත්වය සලකා බලමින් රට තුළ ලොකු ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනීම හෝ දැනට ලොකු ලූණු වගාව කරන ඉඩම් ගොවීන් විසින් පවත්වාගෙන යන්නේ පාඩුපිට බැවින් ඒවායේ ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වෙනත් බෝග වගාව සදහා යොමු කිරීමට හෝ ගත යුතු පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
උපාලි ද සේරම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *