එළඹෙන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ඒ වෙනුවට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැහැ කෙරෙන බව ද ඔහු සදහන් කළේය.

රජය පොහොර සැපයීමේ වගකීමෙන් ඉවත් වුවත් පෞද්ගලික සමාගම් වලට ඔවුන්ගේ අභිමතය පරිදි පොහොර මිල ඉහළ නැංවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය. ලංකා පොහොර සමාගම නිෂ්පාදනය කළ මට පොහොර සහ පන්ඩි පොහඬි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හදුන්වා දීම සහ දහ වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේදී ඊයෙ (21) පැවති උත්සවයකදී ඇමැතිවරයා මේ බව කීය.

යම් හෙයකින් පෞද්ගලික අංශයේ සමාගම් පොහොර මිල මිල ද ඉහළ දැමුවහොත් එම තත්ත්වය පාලනය කිරීමට ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අවම මිලට පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම රජය ගොවීන්ගේ ගිණුම් වෙත බැහැ කෙරෙන මුදලින් ඔවුන්ගේ අභිමතය පරිදිය රසායනික පොහොර හා කාබනික පොහොර මිලදී ගැනීම සිදු කළ හැකි බව ද හෙතෙම කීය.

සවනි ශේෂාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *