රට හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (21) පැවසීය.

සමස්තයක් වශයෙන් රට තුළ වෛද්‍යවරුන් බොහොමයක් සේවය කරන බවත් රජයක් වශයෙන් සියලුම වෛද්‍යවරුන් විදේශගත වීමේ තහනමක් නිකුත් කළ නොහැකි බවත් හෙතෙම කීය.

මේ වන විට කුමන බාධක පැමිණියත් බොහොමයක් වෛද්‍යවරුන් තම සේවය රට වෙනුවෙන් සිදුකර ඇති බවද හෝමාගම මූලික රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට සහභාගිවීම සහභාගී වෙමින් ඔහු සඳහන් කළේය. වෛද්‍ය උපාධි සදහා කිසිදු මුදලක් අය නොකර නිදහස් අධ්‍යාපනය යටතේ ලබා දෙන එකම රට ලංකාව බවත් එවැනි අධ්‍යාපනයක් ලබන වෛද්‍යවරුන් ලෙස සේවයට එක් වන පිරිසට හට වගකීමක් ඇති බව හෙතෙම කීය.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *