මේ වසරේ(2023) ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාල පරිච්ඡේදය තුළ මෙරටින් විදේශ රැකියා සදහා 146437 දෙනකු පිටව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම 2023 වසරේ ජූනි මාසයේදී පමණක් 24087 දෙනෙකු විදේශ රැකියා සදහා මෙරටින් පිටත්ව ගොස් ඇත. 2023 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 2022 වසරේ එම කාලය තුළ වාර්තා වූ මට්ටමටම ආසන්න වූ බවද මහ බැංකුව කියයි.

2022 වසරේදී විදේශ රැකියා සදහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 311056ක් වූ බව ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *