පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හා රාජසන්තක කරනු ලැබූ අවි ආයුධ තොගයක් මුහුදු සැතපුම් 100 ක දුරින් හා අඩි දාහක ගැඹුරෙන් ගිල්වීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඊයේ (21) සිදුකෙරුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝගයකට අනුව මෙම නඩු භාණ්ඩ මුහුදු පතුලේ ගිල් වනු ලැබිණි.

පාස්කු ඉරු දින ප්‍රශ්න ප්‍රහාරයේ දී අත්අඩංගුවට ගත් කඩු දාහක් ද, කිනිසි හා උල් ආයුධ තොගයක්, තුවක්කු අටක්, ගල් කටස් දහයක් මෙසේ විනාශ කෙරිණි.

සිරන්ජනී කුමාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *