මේ වසරේ ජූනි මාසයේදී සියයට 10.8ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජූලි මාසයේදී සියයට 4.6 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21) ප්‍රකාශයට පත් කළේය.
මේ අන්දමට කැපී පෙනෙන ලෙස මෙරට උද්ධමනය පහත වැටීමට ආහාර කාණ්ඩය හා ආහාර නොවන කණ්ඩයේ සහ කාණ්ඩ දෙකේම උද්ධමනය පහත යාම හේතු වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා පැවසීය.
මේ වසරේ ජූනි මාසයට වඩා ජූලි මාසයේ මෙරට උද්ධමනය පහත වැටී ඇතැයි විශ්ලේෂණාත්මකව කරුණු දක්වන අධ්යක්ෂ ජනරාල්වරයා, ආහාර කාණ්ඩයේ ජූනි මස ලක්ෂ්යමය උද්ධමනය සියයට 2.5 ක් වූ බව කීවේය. එය ජූලි මාසයේදී ඍණ සියයට 2.5 ක් ලෙස පහත වැටී ඇත.
ජයසිරි මුණසිංහ