ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් එම බන්ධනාගාරයේ සති දෙකක කාලයක් සදහා වසා දැමීමට පියවර ගත් බව බන්දනාගාර අතිරේක කොමසාරිස් ජෙනරල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.

සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව එම කාලය තුළ ඇද වූවන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් නොකිරීමට ද පියවර ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ බන්ධනාගාරය වෙත පැමිණ ලබා දී තිබෙන ප්‍රතිකාර හා උපදෙස් හේතුවෙන් මේ වන විට එම උණ රෝගී තත්ත්වය පැතිර යාම හැකිතාක් දුරට පාලනය වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම රෝගී තත්ත්වය හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර සිටි රැඳවුම් පස් දෙනාගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අමුත්තන්ට රද වූවන් බැලීම සීමා කර ඇති බවද මෙම තත්ත්වය පහව ගිය පසු නැවතත් අමුත්තන්ට කඩ වූවන් බැලීම සඳහා අවස්ථාව සලසා දෙන බව ද ඒකනායක මහතා පැවසීය.

සියලුම රඳවන් මුඛ ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍ය අංශ ලබා තිබෙන උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර පරිපාලන කටයුතු යොදා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

කුමුදු උපුල් ශාන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *