වගා හානි වූ ගොවීන්ට වන්දි දීමට මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන් මුදල් අය කරගන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ පවතින වියළි කාලගුණ තත්ත්වයක් සමග ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න නගමිනි.

රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව පානීය ජල හිඟයකට මුහුණ දීමත් සත්ව පාලනය, වගා කටයුතු හා විදුලි ජනනයට ජලය ප්‍රමාණවත් නොවීමත් මොන සතුන්ට පානීය ජලය හිග වීමත් තෘණභූමි වියළී යෑමක් නිසා අර්බුද රැසක් මතුව ඇති බවත් මෙම මෙය ජාතික වැදගත්කමක් ඇති සිදුවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ වගා හානි වූවන්ට වගා රක්ෂණ වැඩසටහන යටතේ දෙන ප්‍රමාණයට වඩා ඔබ්බට ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සදහා මුදල් නැතිනම් 2020 octo නම් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි ආනයනය සදහා වන විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළ බවත් ඒ කාලයේ සීනි මෙට්‍රික් ටොන් 400,000ක් ආනයනය කළ බවත් ඒ තුළින් කටට කටට සිදු වූ පාඩුව රුපියල් බිලියන 15.9ක් බවත් පැවසීය. මේ වංචාවට සම්බන්ධ වූ අය නීතිය හමුවට රැගෙන විත් රටට අහිමි කල ඒ මුදල් නැවත ගෙන වියළි කාළගුණය නිසා වගා හානි වූ ගොවීන් සදහා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *