ටී56 ජීවන් ටෙක් බෑගයේ දමාගෙන මහනුවර පෙරහර මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ අයෙක් පොලිස් විශේෂ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා පස්වරු 5 ට පමණ සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.
මැදමහනුවර වෙඩරුව මැද ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි සැකකරු මොරටුව ප්‍රදේශයේ ලී බඩු වෙළඳසැලක රියදුරු ලෙස සේවය කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මොරටුව සිට යාපනය දක්වා ලී බඩු තොගයක් 2010 වසරේ දී රැගෙන යන අවස්ථාවේදී ඵලය ප්‍රදේශයේ ප්‍රදේශයේදී මාර්ගයේ වැටී තිබූ එම උණ්ඩය අහුලා ගත් බව සැකකරු පොලිසියට පවසා තිබිණ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් බිරිය මහනුවර රෝහලට ඇතුළත් කිරීම සඳහා සැකකරු මහනුවරට පැමිණ තිබෙන බව පොලීසිය පවසයි.
මහනුවර පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අසේල කුරුළුවංශ