මහනුවර තරු හෝටලයක නවාතැන් ගෙන එහි කාමරයක සිට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පලමු කුබල් පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යවා දර්ශන ලබාගත් බව කියන චීන ජාතිකයෙක් මහනුවර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා පෙරේදා (21) රාත්‍රී 9:30 ට පමණ ඩ්‍රෝන කැමරාව යොමුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ඩ්‍රෝන කැමරාව දළදා මාලිගාවට ඉහළින් පියාසර කරන බව හඳුනා ගැනීමෙන් පසු ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ රාජකාරි සඳහා යොදවා සිටින ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මෙම ඩ්‍රෝන කැමරා බිම හෙළීමට පියවර ගෙන තිබිණි.

එය අම්පිටිය හතු බෝක්කුව ප්‍රදේශයට ඇද වැටී තිබෙන බව වාර්තා වන අතර වැඩිදුර විමර්ශන සඳහා එය පොලිස් පරිගණක ඒකකය වෙත භාර දී ඇත.

හතළිස් තුන් හැවිරිදි මෙම චීන ජාතිකයා පසුගිය විසි වැනි දින චීනයේ සිට මෙරටට පැමිණ තිබෙන බවත් ඊට පසු දින මහනුවරට පැමිණ හෝටලය ලැගුම් ගෙන තිබෙන බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙයි.

අසේල කුරුළුවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *